සති අන්තයේ සිට මහ නුවර හා අනුරාධපුරට නව සුඛෝපභෝගි දුම්රිය ගමන් වාර දෙකක් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව ඔක්තෝබර් 01 දා සිට මෙම දුම්රිය සේවා දෙක ආරම්භ කිරීමට නියමිතය. සෙනසුරාදා අලුයම ගමන් ආරම්භ කරන මහනුවර බලා යන දුම්රිය පැය දෙකයි විනාඩි 45කින් මහනුවරට ළගා විමට නියමිත අතර අනුරාධපුර බලා ගමන් ගන්නා දුම්රිය පැය හතරකින් අනුරාධපුරයට ගමන් කිරීමට නියමිතය.
නැවතත් ඉරිදා සවස් කාලයෙදී කොළඹට ළගාවීමට නියමිතය. මහනුවර බලා ගමන් කරන දුම්රිය සෙනසුරාදා හා ඉරිදා දින දෙකෙහිම ධාවනය කරන බවත් ඉදිරියේදි කතරගම බලා යන සංචාරකයන් වෙනුවෙන් සති අන්තයේදී බෙලි අත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කරවන බවත් අමාත්‍යවරයා පැවැසීය.