කළගෙඩිහේන පැවැති හමුවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
එම ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් විධිමත්ව පරීක්ෂණයක් පවත්වන ලෙස රජය දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිළිබඳව දැනුවත් කළ බවත් වහාම පරීක්ෂණයක් පවත්න ලෙස ඉල්ලා සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය.