අනුරට ඇති කැමැත්ත අඩුවෙයි
අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ජනපතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 45ක ඡන්ද ප්‍රතිශතකයක් හිමිවෙනු ඇතැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.
කෙසේ වෙතත් පෙබරවාරි හා මාර්තු සලකා බැලීමේදී ඔහුට හිමිවන ප්‍රතිශතකය අප්‍රේල් මාසයේදී අඩුවී තිබේ. පෙබරවාරි මාසයේදි සියයට 51ක් හා අප්‍රේල් මාසයේදී සියයට 49ක ප්‍රතිශතයක් අනුර කුමාර දිසානායක මහතාට හිමිව තිබුණි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සියයට 37ක ප්‍රතිශතකයක්, රනිල් වික්‍රමසිංහ මහතා සියයට 13ක ප්‍රතිශතකයක් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සියයට 6ක ප්‍රතිශතකයක් හිමිවන බව මෙම සමීක්ෂණයේ දත්ත පෙන්වා දෙයි.


popular news
-
Rajapaksha Thursday, 25 May 2023 07:57 AM
6% 13% 37% 45% එකතුව 101% මුං ඉස්කොලයකට වැස්සටවත් නොගිය ජාතියක් මුංගේ සමික්ෂණ වර්ථා ද අපිට පිලි ගන්න කියන්නේ
Reply : 0 0
Deepal Nirosh Thursday, 25 May 2023 02:47 PM
දැන් ඉතින් භෞතික මැතිවරණයක ප්‍රතිඵලයක් බලන්න බැරි නිසා මේ වගේ අනුමාන ප්‍රතිඵල සමීක්ෂණවත් බල බලා ඉමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

