ගංවතුර ආධාර සපයන බව පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 60ක මුදලක් වැය කිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට අද (21) නියම කළේය.
රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර මත විත්තිකරුවන් මුදාහැරීමට නියම කළා විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සළකුනු ලබාගෙන වාර්තා කැඳවීමටද නියම කළේය.
ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ධම්මිකා ශිරාණී සුමනරත්න” එස්” සමරකෝන්” සුසන්ත ද සිල්වා” සරත් පෙරේරා සහ චමින්ද සමරකෝන් නමැති විත්තිකරුවන්ය.
2014 දෙසැම්බර් 26 වැනිදාත් 2015 ජනවාරී 02 වැනිදාත් අතර කාලයේ කොළඹ හා පන්නලදී ඛනිජ තෙල් අමාත්‍යංශය සතු රුපියල් 6146110/- ක මුදලක් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තොරව සහ රජයේ චක්රලේඛණයන්ට පටහැනිව සතොස ආයතනයට ගෙවීමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ඛනිජ තෙල් අමාත්‍යංශය සතු රුපියල් 6146110/- ක මුදලක් අනීතික අන්දමින් ගංවතුර ආධාර වැය කිරීම ඇතු`ථ චෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
නීතීපතිවරයා වෙනුවෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසි වලට අනුව විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඒ අවස්වේදී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ නියෝග මත විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී බාරදුන්හ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව උසාවියට පැමිණී තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධි චෝදනා පත්‍ර බාර දුන් විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තෝමබර් 10 වැනිදා පැවැත්වීමට නියම කළේය.