" අතීතය තුල රටෙහි සිදුවීම් සැලකීමේදී ජනතාව කනාමැදිරි එළියටත් බිය තත්ත්වයක් ඇති නිසා අපෙන් අහනව , අපි ඔබ විශ්වාස කරන්නේ කෙසේද කියා. අපි ඔබට එක සහතිකයක් දෙනව. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය , අබමල් රේණුවකින්වත් හානිවීමට ඉඩ නොතබන බවට අපි සහතික වෙනවා" යැයි ජාතික ජනබල වේගය නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී සදහන් කළේය.
ජාතික ජනබල වේගයේ කාන්තා නියෝජනය දකිනවිට ඉදිරි ඡන්දයක් තියාවිද යන සැකය ඇතිවන මුත් අධික කාන්තා සහභාගිත්වයක් දකිනවිට ඡන්දය නොතියා සිටීමට බියවනු ඇති බවද හෙතෙම පැවසීය.
" ගැහැනු අපි එක මිටට මාලිමාවට " යන්න තේමා කරගනිමින්, ගම්පහ නගර සභා පිටියේ පැවති ජාතික ජනබල වේගය , ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් එසේ පැවසු අනුර දිසානායක මහතා මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
" මෙවන් කාන්තා සහභාගිත්වයකින් ප්‍රකාශ වන්නේ හැඟුමක්. චේතනාව , අධිෂ්ඨානය, අරමුණක් සහ සුභ සිහිනයක්. ඒ නිසා අපිටත් දැඩි විශ්වාසයක්, බලාපොරොත්තුවක් ගෙන දෙනවා , ඔබගේ මේ නැගිටීම, එකතුව සහතික වශයෙන් අපේ රටට ජයග්‍රහණය ගෙන දෙන බවට. ජාතික ජනබල වේගය ගොඩ නගනවිට , මැතිවරණ කල්යනවිට , ජනාධිපති ඡන්දයට ඔක්තෝබර් මාසෙ දින නියමවන විට අපිටත් පොඩි දෙගිඩියාවක් තිබුන මේක කරගන්න පුළුවන්ද කියන එක.
නමුත් මාතරින් ආරම්භ කළ කාන්තාවන්ගේ එකතුව නැවත නැවත අපේ විශ්වාසයෙන් තහවුරු කරන්නේ ඔබේ නැගිටීම, ඔබගේ ප්රබෝධය, පවතින අපේක්ෂාව , මේ සියල්ලෙන්ම අපට ඔප්පුකර පෙන්වන්නේත් සහතික වශයෙන් අපේ ජයග්‍රහණයයි. මේ නැගී සිටීම මොන තරම් ප්‍රමාණවත්ද ? හැබැයි අපි හදන්න ඕනෙ ඉතා ශක්තිමත් ජනතාවගේ බැදීමක් සහිත පාලනයක්. එනිසා අපිට ඇත්තේ තවත් මාස හතක පමණ කාලයක්. මේ කාලය තුල අපි උපරිම ලෙස කටයුතු කරමු. උපරිම ලෙස ශක්තිමත් ලෙස කටයුතු කරමු. ඒ වෙනුවෙන් එකතුවන ලෙස ආරාධනය කර සිටිනව.
මෙහි සිටින විශාල පිරිසක් අපිට මුල් වරට සවන් දෙන අයවිය හැකියි. නමුත් මෙතැන සිටින විශාල පිරිසක් මීට පෙර වෙනත් අයට සවන් දුන් අය විය හැකියි. විශේෂයෙන්ම ගම්පහ , වෙනත් බොහෝ අයට සවන් දුන් අය. අත්තනගල්ල නායිකාවගේ සිට තවත් අයට සවන් දෙන්න ඇති. ඔබ ඔවුන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න ඇති. ජයග්රහණයෙන් පසුව සතුටු වෙන්නත් ඇති. කිරිබත් උයන්නත් ඇති. මේ සියල්ල කළේ තමන්ට, තම දරුවන්ට හොද රටක් නිර්මාණය කරාවිය යන බලාපොරොත්තු වෙමින්. දීර්ග කාලයක් පුරා අපේ රටේ ජනතාව බලාපොරොත්තුවෙන් කටයුතු කළා.
මේ රටට දූෂණයෙන් සහ නාස්තියෙන් තොර දේශපාලනයක් අවශ්‍යයි. වංචාවෙන් තොර දේශපාලනයක් අවශ්‍යයි. ප්‍රභූවරයාද , දුගියාද නොව සැමට එක හා සමාන නීතියක් අවශ්‍යයි. රටේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඒවා සුරකින , සංවර්ධනය කරන දේශපාලනයක් අවශ්‍යයි. අපේ රටේ දරුවන්ගෙ අනාගතය විනාශ කරනවා වෙනුවට රටට විශ්වාසයක් තැබිය හැකි දේශපාලනයක් අවශ්‍යයි. ඒක තමයි පොදු ජනයාගේ ඉල්ලීම සහ බලාපොරොත්තුව. ඒක නෙවෙයිද පාරට බැහැපු ජනතාවගේ අපේක්ෂාව. අද වනවිට දූෂිත ප්‍රභූ පැලැන්තියට විරුද්ධව පෙළ ගැසෙමින් සිටිනව. මම හිතනව මේ දහස් සංඛ්‍යාත කාන්තාවන්ගේ නැගී සිටීමෙන් පෙනෙන්නේ පොදු ජනතාවගේ උවමනාව බවයි. අවුරුදු හැත්තෑ හයක් රැවටීමට ලක්වූ ජනතාව, අවුරුදු හැත්තෑ හයක් දූෂිතයින් බලයට ගෙනආ ජනතාව, ජනතා අපේක්ෂා වෙනුවට තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත් පාලනය වෙනස් කිරීමට අවශ්‍යයි.
ජනතාව කනා මැදිරි එලියටත් බිය නිසා ජනතාව අපෙන් අහනව , අපි ඔබ විශ්වාස කරන්නේ කෙසේ ද ?කියා. අපි ඔබට එක සහතිකයක් දෙනව. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය, අබමල් රේණුවකින්වත් හානිවීමට ඉඩ නොතබන බවට අපි සහතික වෙනව. මේ රට ගොඩ නැගීමේ ඔබට ඇති අවශ්‍යතාවයම අපිටත් තිබෙනව. ඔබ සහ අපි කණ්ඩායම් දෙකක් නොවෙයි. නමුත් අතීතයේ ජනතාවට තිබුනේ එක් බලාපොරොත්තුවක්. පාලකයින්ට අවශ්‍ය වී තිබුනේ තව එකක්. අනාගතයේදී අපි බිහිකරන්නේ අපි සැමගේම බලාපොරොත්තු ඉටු කරන පාලනයක්. අපි එක්ව මේ රට වෙනස් කළ යුතුයි. "
තිලකරත්න දිසානායක