අනුමත ධාරිතාවට වැඩි එංජින් සහිත බෝට්ටු ග්‍රෙගරි වැවේ දුවනවා
නුවරඑලිය ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගෙන යෑම සදහා එන්ජින් ධාරිතාවය 40කින් යුත් බෝට්ටු සදහා නුවරඑලිය මහ නගර සභාව මගින් අනුමැතිය ලබා දී තිබුණද මේ වන විට ග්‍රෙගරිවැවේ එන්ජින් ධාරිතාවය 115කින් යුත් අධි බලැති බෝට්ටු කිහිපයක් ධාවනයට එක් කිරිම තුලින් සංචාරකයන්ගේ ජීවිත අවධානමක් මෙන්ම ග්‍රෙගරි වැවේ පරිසර හානියක් සිදු වී ඇති බව ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවිර ආරච්චි මහතා පැවසීය.
මංජුල සුරවීරආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ, හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකා බද්ධ සේවයක් සේ පවත්වාගෙන යෑමට බගවන්තලාව හැටන් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරිමට බගවන්තලාව නගරයේ උත්සව ශාලාවක පැවති සාකච්ඡාවකදීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවිර ආරච්චි මහතා කියා සිටියේ, දැනට ග්‍රෙගරි වැවේ බෝට්ටු 133ක් සංචාරකයන් රැගෙන යෑමට එක් කර ඇති බවත්, එම ප්‍රමාණය ජලාශයේ වපසරියට වඩා වැඩි බවත්, එසේ තිබියදී තවත් බෝට්ටු කිහිපයක් ජලාශයේ සංචාරකයන් රැගෙන යැමට නුවරඑලිය මහ නගරසභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති බවයි.
ඇතැම් බෝට්ටුකරුවන් තම බෝට්ටුව ජෙට් එකක් සේ ධාවනය කරවන බවත්, ඒවා නියාමනය කර ග්‍රෙගරිවැව තුල ආරක්ෂිත බෝට්ටු සේවාවක් පවත්වාගෙන යැමට කටයුතු කරනවා සේම පෞද්ගලික සහ ලංගම බස් රථද ඒකාබද්ධව ධාවනය කිරිම තුලින් මගීන්ගේ ආරක්ෂාව තහවුරු වන බවයි.
මෙම සාකච්ඡාවට එක් වූ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා කියා සිටියේ, ඉකුත් රජය සමයේ මධ්‍යම පළාත තුල අලුතින් බස් රථ 37ක් සදහා මගී අවසරපත්‍ර නිකුත් කර ඇති බවත්, එසේ නිකුත් කර ඇති මගී අවසර පත්‍ර සම්බන්ධයෙන් මේ වන විට මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම අංශය විසින් සේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මධ්‍යම පළාත තුල දැනට පවතින ලංගම සහ පෞද්ගලික බස් රථ සියල්ල ඒකාබද්ධ මගී ප්‍රවාහන සේවයක් සේ පවත්වාගෙන යෑමට පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති බවත්, ඒ අනුව ඉදිරියෙදි මධ්‍යම පළාත තුළ එය ක්‍රියාවට නංවන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

