මාර්ග සංවර්ධන අධිකාරීයේ සියලු අනියම් සේවකයින් ස්ථිර නොකලහොත් ලබන 29 දා මාරාන්තික උපවාසයකට සුදානම් බව මාර්ග සංවර්ධන අධිකාරීයේ එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිල් විජේතිලක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූවේ කළුතර පැවතී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
" අපේ අනියම් සේවකයින් එක්දහස් දෙසීයක් වසර 6 සහ 8 සම්පූර්ණ කර සිටිනවා. ඔවුන් ස්ථිර කරදෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ රජයෙන් අපේ ප්‍රශ්න වලට විසදුම් නෑ.
රනිල් රාජපක්ෂ ගේ මර්ධනයට එරෙහිව සේවකයින් විදිබහින කාලයක් ඉදිරියට එන්නේ. අපේ පමණක් නොවෙයි මේ රටේ සියලු අනියම් සේවකයින් ස්ථිර කරන්න ඕන.
ආණ්ඩුව ලෑස්ති නෑ සේවකයින් ගේ ප්‍රශ්න විසදන්න.අපි උද්ඝෝෂණ මාලවක් ඉදිරියේදී සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. 29 දා කොළඹ දී විරෝධතාවක් ආරම්භ කරනවා. විසදුම් නැත්නම් මාරාන්තික උපවාසයක් දක්වා දියත් කරන්න අපි පසුබට වන්නේ නෑ."