අනියම් සැමියා සමග එකට වි සැමියා ඝාතනය කරලා
මහියංගනය, සඟබෝපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට 2025.10.17 වන දින මහියංගනය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව 2025.10.21 වන දින අතුරුදන් වූ පුද්ගලයාගේ යතුරුපැදිය වියානා ඇලේ තිබීයදී, පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර අතුරුදන් පුද්ගලයාගේ මෘත ශරීරය 2025.10.24 වන දින ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ උල්හිටිය ජලාශයේ තිබී හමු වී ඇත.
මෙය සැකසහිත මරණයක් වූ බැවින් ඒ සම්බන්ධව විමර්ශන සිදු කරමින් සිටියදී 2025.11.19 වන දින මහියංගනය පොලිස් ස්ථානයට පුද්ගලයෙකු පැමිණ අදාල මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ බිරිඳ හා තමන් අතර පැවති අනියම් සම්බන්ධතාවයකට විවාහක පුරුෂයා වන මරණකරු බාධාවක් වූ බැවින් ඔහුගේ බිරිඳගේ අනුදැනුම මත තමන් තවත් පුද්ගලයෙකු සමඟ මෙම ඝාතනය සිදුකර ඇති බවට ඔහු විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත. ඒ අනුව එම පුද්ගලයා සහ මරණකරුගේ බිරිඳ මෙම මනුෂ්‍ය ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 55 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 42 ක් වන සඟබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

