යාපනය පොලිස් වසමේ නල්ලූර් ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇති බවට යාපනය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය අවුරුදු 32 ක් වූ නල්ලූර්, යාපනය ප්රදේශයේ පදිංචිකාරියකි.
බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ අනියම් පුරුෂයා විසින් ඇයට හා ඇයගේ මවට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරුද එදින රාත්රීයේම යාපනය සිට කොළඹ බලා ධාවනය වන දුම්රියකට පැන සියදිවි හානි කර ගෙන ඇත. මරණකරු වයස අවුරුදු 38ක් පමණ වූ නල්ලූර් ප්රදේශයේ පදිංචිකරුවෙකි. යාපනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.