ධර්මපුරම් පොලිස් වසමේ පිරිමන්දාරු ප්රදේශයේදී 2026.06.22 දින සවස් කාලයේ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දැරියක් මියගොස් ඇති බවට ධර්මපුරම් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.මියගිය දැරිය අවුරුදු 02 ක් වූ පිරිමන්දාරු ප්රදේශයේ දැරියකි.
මෙම දරුවා පදිංචි නිවසට යාබද නිවස ආසන්නයේ අනාරක්ෂිතව තිබු ජලය පිරී ළිඳකට වැටී සිටියදී ඉන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘතදේහය ධර්මපුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ධර්මපුරම් පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.