නිවසක අනාරක්ෂිතව ඉදිකර තිබූ කොන්ක්රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්රදේශයේ පදිංචි කුඩා දැරියක් අද (18දා) පෙරවරුවේ මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි.
මෙම දැරිය අද පෙරවරුවේ තම පියා සමඟ නිවසේ අනාරක්ෂිත මට්ටමේ තිබුණු කොන්ක්රීට් කණුවක ඔංචිල්ලාවක් සෑදීමට තැත් කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති බවත් එම අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇති බවත් පොලීසිය කියයි.
අනතුරින් මියගිය දැරියගේ පියා ද බරපතල තුවාල ලබා ඇති අතර ඔහු තංගල්ල මූලික රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව මාතර මහ රෝහල වෙත මාරු කර ඇත.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 09 වන නෙවින්දි යහාරා දෙව්මිණි නැමති ,දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා බවත්,සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තංගල්ල පොලීසිය විසින් පවත්වාගෙන යන බව තංගල්ල පොලීසිය පවසයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ