ආණ්ඩුවේ බලවේග වලින් රරටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනාගත නායකයා බිහිවෙනු ඇති බවත් ආණ්ඩුව යන මග නිවැරදි කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සරළ බහුතරය අහිමි වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
"ආණ්ඩුව යන මග වැරදියි කිියලා පිළි අරගෙන එය නිවැරදි කර ගන්න කඩිනම් පියවර ගත්තේ නැත්නම් මාර්තු මාසයේ 4 දා මම කිව්වා වගේ ආණ්ඩුවට නුදුරු අනාගතයේදීම පාර්ලිිමේන්තුව තුළ සාමාන්‍ය බහුතරය අහිමි වීමේ අවධානමක් තිබෙනවා.
ආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගත නායකයා බිහිවෙනවා"