අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමන කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලය සඳහා එක්විය.
කොළඹ කොටුවෙන් ආරම්භ කළ පාගමන කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස වෙත පැමිණ පසුව එහිදී ඔවුන් සටන් පාඨ කියමින් විරෝධතා පැවැත්වීය.
ඉන් අනතුරුව සිසුන් විරෝධතා පාගමනින්ම කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලය සඳහා සහාය දැක්වීමට එක්විය.