අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව පවත්වනු ලබන විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙසත් සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසත් ඉල්ලා මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇත.