අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පාගමනට ඒල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හා බැටන් ප්‍රහාරය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භක ප්‍රහාරය බව ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්ජ බලවත් විරෝධය පළකරන බවත් එය හෙළා දකින බවත් එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාතික භික්ෂු පෙරමුණ නිකුත් කල නිවේදනය...
"දිනෙන් දින බුර බුරා පැනනගින ජනතා ගැටලූවලට විසඳුම් දිය නොහැකි රනිල් පොහොට්ටු ආණ්ඩුව මර්දනයෙන් ජනතා ඉල්ලීම් විසුණුකොට දමන්නට හිතන්නේ නම් එය ඉතා අඥාන කල්පනාවක් බවද ජාතික භික්ෂු පෙරමුණ ලෙස පෙන්වාදීමට අපි කැමැත්තෙමු. වේල් තුන කන්න දෙනවා යැයි පාරම්බාමින් ජනාධිපතිවූ වික්‍රමසිංහ මහතා ජනතාවගේ උග්‍ර අර්බුදයන්ට පිළිතුරු සොයනවා වෙනුවට රාජපක්ෂ කඳවුර සතුටුක කොට සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමටත්, අපරාධකාරයින්, දූෂිතයින් ආරක්ෂා කරන්නටත් කටයුතු කරනා බව ජනතාව හොඳින් දකිමින් ඇත.
රනිල්ලා, රාජපක්ෂලා වැනසූ රට ඔවුන්ගෙන් මුදවාගෙන ජනතාවාදී පාලනයක් යටතේ පවත්වා ගැනීම ජනතාවගේ අභිලාෂයයි. රටේ ජනතාවගෙන් පවුල් 10න් 3 ක් බඩගින්නේ සිටිද්දී, අවශ්‍ය ඖෂධ නැතිකමින් ජනයා මැරී වැටෙද්දී, සුදු රෙදි හොරුන්ට, දෙමළ දරුවන් ඝාතකයින්ට, මහ බැංකු මංකොල්ලකරුවන්ට වන්දි ලබා දීමට කැබිනට් පත්‍රිකා දමන ආණ්ඩුවේ මුග්ධ පිළිවෙත් වලට එරෙහිව පාරට බහිනවා හැර ජනතාවට අන් මාවතක් නැත.
පෙරෙයිදා ධීවරයින්. ඊයේ ශිෂ්‍යයින්, හෙට ගොවිජනයා අනිද්දා වන විට සියලූ මහජනයා මහමගට බසිනු ඇත. බැසිය යුතුමය.
රනිල්ලාගේ, ජාපක්ෂලාගේ දුර්දාන්ත පාලනය විසින් ජීවිත අහිමිකර ඇති, ජීවන මාර්ග අහිමිකර ඇති ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනයා ජීවිත ඉල්ලා හෙට දින සියලූ මාවත් පුරවා සිය ජයග්‍රහණ අත්පත් කරගත යුතුය.
74 වසරක් රට වැනසූ පාලකයින්ට තවදුරටත් සුවසේ ජනයා නොමරා මරන්නට ඉඩ දිය යුතු නැත. එහෙයින් දූෂිත රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මුග්ධ පාලකයින් හා ඊට අත්වැල් අල්ලන අතළොස්සක් හැර අන් සැම පාරට බැසිය යුතුය, අරගල කළ යුතුය, 74 වසරක සකලවිධ දූෂිතයින් පන්නා දැමිය යුතුය, ජනතාවාදී පාලනයක් ගොඩනගා ගත යුතුය. ඒ සඳහා ජනමතයක් නැති ජනතාද්‍රෝහී ආණ්ඩුවේ මර්දනයන්ට බිය නොවී එකාවන්ව නැගිට එන ලෙස සියලූ ශ්‍රී ලාංකිකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.
ඇලෝසියස්ලාට මෙන්ඩිස් බලපත්‍ර නිදහස් කරන ආණ්ඩුව සාධාරණ ජනතා හඬ රැගෙන මහ මගට බැස්ස අන්තරේ කැඳවුම්කරු ඇතුලූ පිරිස් අත්අඩංගුවට ගනිමන් කරන මර්දනය වහා නවතන ලෙසත් අත්අඩංගුවට ගත් සියලූදෙනා වහා නිදහස් කරන ලෙසත් අපි ආණ්ඩුවට බලකර කියා සිටින්නෙමු."