අත්‍යාවශ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීමට, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හා අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ ඔහු පවසන්නේ අර්බුදයට මුහුණදීම වෙනුවෙන් ජනතාව එක්ව ඇතත් දේශපාලඥයින් එසේ නොවන බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විමෙන් අනතුරුව ජනතාවට තමන්ට අවශ්‍ය අය තෝරා ගැනිමට අවස්ථාව ඇති බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් පවසයි.
