අලුත්ගම කලුවාමෝදර ප්රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිටි චීන ජාතිකයන් කණ්ඩායමක් අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම් වලින් වංචනික ලෙස කෝටි ගණනක මුදල් වංචා කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව අද (1) එම චීනජාතිකයන් රැඳී සිටි හෝටලයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ එම පිරිස සැකපිට අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි .
අත්අඩංගුව ගත් චීන ජාතිකයන් 39 දෙනා පෞද්ගලික බස් රථයකින් අලූත්ගම පොලිසිය වෙත රැගෙන ගිය අතර නඩු භාණ්ඩ ලෙස පරිගණක හා ඉතා ඉහළ මිල ගණන් වල ස්මාර්ට් ජංගම දුරකතන රැසක් හා මුදල් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන චීන ජාතිකයන්ගෙන් ප්රකාශ ලබා ගැනීමට භාෂා පරිවර්තකයින් සොයා සොයාගැනීමට නොහැකිව පොලිසිය ගැටලු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ සිදු කරයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
