පොල්ගහවෙල පොලිස් වසමේ බංගලාවත්ත ප්රදේශයේ ඉඩමක් තුල විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට පොල්ගහවෙල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුවන් අවුරුදු 28 හා 35 වයස්වල පසුවන ඇහැලියගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
වගා භුමියක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරෙන් යොදන ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදි අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ මුරකරුවෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.