ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති හෙට (14දා) දින සිට එළිදැක්වීමට සැලසුම් කර තිබේ.
මේ අනුව අධ්‍යාපන ප්‍රතිපත්තිය හෙට (14දා) දිනයේ එළිදැක්වීමට සැලසුම් කර තිබෙන අතර එය බත්තරමුල්ල වෝටර්ස්ස් එජ් හෝටලයේදීත්, අනිද්දා (15දා) දිනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කොළඹ පදනම් ආයතනයේදීත් එළිදැක්වීමට නියමිතය.
පරිසර ප්‍රතිපත්තිය මේ මස 17 වැනිදා උඩවලව කොට්ටවත්ත විලේජ්හිදීත්, 18 වැනිදා කළුතර පැනොරාමා ශාලාවේදී ප්‍රවාහන ප්රතිපත්තියත් එළිදැක්වේ.
සංස්කෘතික ප්‍රතිපත්තිය මේ මස 20 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදීත්, ආර්ථික ප්‍රතිපත්තිය මේ මස 21 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීත්, 22 වැනිදා කෘෂිකර්ම ප්‍රතිපත්තිය පේරාදෙණිය තානායමේදීත් එළිදැක්වීමට නියමිතය. ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති එළිදැක්වීම සිදු කෙරේ.
