අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකිවු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (23) අලුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව නාවික හමුදාව විසින් ජා-ඇල මහනගර සභාව අසල යොදා තිබූ මාර්ග බාධකයේදී සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කර ඇති අතර, එම වෑන් රථය වැඩිදුරටත් පරික්ෂා කිරිමේදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු මෙම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයින් අතර, ඉන්දියානුවන් තිදෙනෙකු සහ ලාංකිකයන් දෙදෙනෙකු සිට ඇති අතර ලංකිකයින් දෙදෙනා පිළිබඳ සිදුකරන ලද මුලික විමර්ශනයේදී ඔවුන් යටියන්තොට සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
තවද, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයින් සහ වෑන් රථය ජා-ඇල පොලීසිය වෙත භාරදිමට කටයුතු කරන ලදී.

popular news
-
Ajith Abeywardhana Thursday, 24 October 2019 01:53 PM
We have to issue a number from the birth certificate to all Sri Lankan citizens.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

