අහංගම, තිත්තගල්ල ප්රදේශයේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බවට අහංගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අපරාධ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ගොන්නගහහේන රෝහල වෙත ඇතුලත් කර ඇත. සැකකරු තියුණු ආයුධයක්ද සමඟින් පොලිසියට භාරවිමෙන් අනතරුව අත්අඩංගුවට ගෙන ඇත.
තුවාලකාරියන් දෙදෙනා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇත. මරණකාරිය අවුරුදු 80 ක් වන සැකකරුගේ මව බවට අණාවරණය වී තිබේ. සැකකරු අවුරුදු 52 ක් වන තිත්තගල්ල, අහංගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර වැඩිදුර විමර්ශන අහංගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.
අහංගම සුමතිපාල දීයගහගේ