අනතුරු 4කින් යතුරුපැදිකරුවන් 4ක් ජිවිතක්ෂයට
- 7 10 2026
- 14:25
- {{hitsCtrl.values.hits}} views
- ..
යතුරුපැදි අනතුරකින් පැදිකරුවෙකු ජීවිතක්ෂයට - හුරීගස්වැව පොලිස් වසම
2026.10.06 දින උදෑසන හුරීගස්වැව පොලිස් වසමේ තඹුත්තේගම ගල්නෑව මාර්ගයේ කිලෝමිටර් 35 කණුව ආසන්නයේදී ගල්නෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක අතුරු මාර්ගයක සිට පැමිණි තවත් යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇත. මරණකරු අවුරුදු 70 ක් වූ කලංකුට්ටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. හුරීගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරුපැදියක් ලොරි රථයක ගැටී පැදිකරු ජීවිතක්ෂයට - කිරිබත්ගොඩ පොලිස් වසම
2026.10.06 දින උදෑසන කිරිබත්ගොඩ පොලිස් වසමේ වේවැල්දූව හන්දියේ සිට ටයර් හන්දිය දක්වා ඇති මාර්ගයේදී ටයර් හන්දිය දෙසට ධාවනය වූ ලොරි රථයක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු අවුරුදු 33 ක් වූ වත්තල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිබත්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරුපැදියක් ට්රැක්ටරයක ගැටී පැදිකාරිය ජීවිතක්ෂයට - කොඩිකාමම් පොලිස් වසම
2026.10.06 දින දහවල් කොඩිකාමම් පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ පුත්තූර් හන්දියේදී යාපනය දෙසට ධාවනය වූ ට්රැක්ටර් රථයක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකාරිය චාවාකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකාරිය අවුරුදු 37 ක් වූ යාපනය ප්රදේශයේ පදිංචිකාරියකි.අනතුරට සම්බන්ධ ට්රැක්ටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොඩිකාමම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ලොරි රථයක් යතුරුපැදියක ගැටී පසුපැදිකාරිය ජීවිතක්ෂයට - මඩකලපුව පොලිස් වසම
2026.10.06 දින දහවල් මඩකලපුව පොලිස් වසමේ මඩකලපුව වව්නතිව් මාර්ගයේ තිමිලතිව් ප්රදේශයේදී මඩකලපුව දෙසට ධාවනය වූ ලොරි රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී, එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකාරිය බරපතල තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මියගොස් ඇත. මරණකාරිය අවුරුදු 58 ක් වූ සූරිය පාර, මඩකලපුව ප්රදේශයේ පදිංචිකාරියකි. ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස් රථයක් අනතුරට ලක්ව මඟීන් 14 දෙනෙකු තුවාල ලැබීම - තිරප්පනේ පොලිස් වසම
2026.10.07 දින අළුයම තිරප්පනේ පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ ගල්කුලම ප්රදේශයේදී නිකවැරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් එම බස් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිරප්පනේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
