මාර්ග අනතුරු ඇතුළුව ශ්‍රී ලංකාවේ අනතුරු නිසා ආබාධිත,පූර්ණ ආබාධිත තත්වයන්ට මෙන්ම මරණයට පත් වන පුද්ගලයින් සංඛ්‍යාවද ඉහල ය. මෙසේ සිදුවන අනතුරු සංඛ්‍යාවත්, එම අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාවත් අඩු කර ගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ ඒකකය නව වැඩපිලිවෙලක් ආරම්භ කල බව එම ඒකක ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.
අනතුරු නිසා මරණයට පත් වූ පුද්ගලයින්ගේ මෘත දේහ සහ අනෙකුත් ආශ්රිත කරුණු ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව විමර්ශනයකට යටත් කෙරේ. මෙතෙක් කලක් සිදු කරමින් පැවත එන විමර්ශන ක්‍රියාවලියට අමතර වශයෙන් නව මානයන් රැසක් ඔස්සේ මෙම මරණය පිලිබදව විමර්ශනය කරනු ඇත. ඉන් වැටහෙන කරුණු අනුව අනතුරු සිදුවීමට බලපාන ලද කරුණු විද්‍යාත්මකව හඳුනාගෙන එම අනතුරු අනාගතයේදී සිදුවීම අවම කිරීමට ප්‍රයෝගික වැඩපිලිවෙලක් සැකසීම ව්‍යාපෘතියේ අරමුණයි
ඊට අමතරව සෞඛ්‍ය පද්ධතිය තුල මෙතෙක් නොපැවති “අනතුරු පිලිබද සමාලෝචනය කිරීමේ සමුළුව” දිවයින පුරා නිශ්චිත කාල සීමාවකට වරක් පැවැත්වීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ ඒකකය මේ වන විටත් සැලසුම් කර ඇත.
මෙම සියලු කරුණු සම්බන්ධව ඒ ඒ දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය කාර් ය මණ්ඩල පුහුණු කිරීමේ සැසි මේ දිනවල දිවයින පුරා පැවැත්වෙන බවද සිරිතුංග මහතා අනාවරණ කලේය.