ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
යාපනය ඩෙල්ෆ් ජැටියේ පිවිසුම් දොරටුව අසලදි අද (7) උදෑසන අනතුරට පත් මගී ප්‍රවාහන ට්‍රෝලර් යාත්‍රාවක සිට පුද්ගලයන් 38 දෙනකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත. මගී පිරිස බේරාගත් නාවික හමුදාව එම යාත්‍රාවේ තිබු ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ද මුහුදු බත් වීමට නොදී ඒවාද කඩිනමින් ඉවත් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය මහතා පැවසීය. ‘ලිකාලි අම්බාල් 2’ නැමැති මෙම ට්‍රෝලර් යාත්‍රාව යාපනය පුණ්ගුඩුතීව් දූපතේ පිහිටි කුරිකට්ටුවාන් ජැටිය සිට ඩෙල්ෆ් දුපත දක්වා යාත්‍රා කරමින් තිබියදි ඩෙල්ෆ් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී පැවැති බාදිත තත්ත්වය හමුවේ යාත්‍රාවේ පතුළ මුහුදු පත්ලේ ගැටීමෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී අනතුර පත්ව ඇති බව ඒ මහතා කීය. උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත සිද්ධිය සැලවීමත් සමග එහි ඇති වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදා ගනිමින් 50 දෙනෙකුගෙන් සමන්විත නාවික හමුදා කණ්ඩායමක් යොදා අනතුරට පත් යාත්රාගව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
රාජ්‍ය සේවයට අලුතෙන් 70000ක්
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd