ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්ව ඇති බවට අද (04) අලුයම 5.00 ට පමණ නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත, පැයක් ඇතුළත ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඒ අනුව, අනතුරට පත් නෞකාවේ සිටි 30 දෙනකු පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් බේරා ගැනීමට හැකි වූ බව අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා ප්‍රකාශකලේය. (IJ)