අනතුරකින් මරණයට පත්වු යාචකයකුගෙ බැගයක තිබු රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් (රු. 135000) ක මුදලක් සමග බැංකු ගිණුම් පහක පොත් තිබී හමුවු බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ උඩප්පුව යාය 6 පදිංචි කදිරේෂන් පාලමුරුගන් නැමති 49 හැවිරිදි අයකුය. මෙම යාචකයා පසුගිය 5 දින පුත්තලම හලාවත මාර්ගයෙ ආනවිළුන්දාව ප්රදේශයෙදී යතුරු පැදියක ගැටි ආනවිළුන්දාව රෝහලට ඇතුලත් කර පසුව හලාවත රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
මෙම යාචකයා කාලකයක සිට සිගමන් යදිමින් ජීවත්ව ඇති අතර අනතුරින් මරණයට පත්විමේන් පසු මෙම යාචකයාගෙ බැගය පරික්ෂා කිරීමේදි ඉතා ආරක්ෂීතව සගවා තිබු 135000 ක මුදලක් හා රාජ්ය හා පුද්ගලික බැංකු පහක ගිණුම් වල තවත් රුපියල් 47000 ක මුදලක් තැන්පත් කර තිබු බව පොලිසිය කියයි.
යාචකයාගෙ අවසන් කටයුතු සම්බන්ධව මේ වන විට තිරණයක් දී නොමැති බව පොලිසිය කියයි.