චීනයේ ජයග්‍රාහී දින පෙළපාලියට එක්වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීන අගනුවර වන බීජිං
වෙත පැමිණ ඇති තිබේ.
බදාදා පැවැත්වෙන "ජයග්‍රාහී දින" පෙළපාළියේදී කිම් චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ
අනෙකුත් ලෝක නායකයින් සමඟ මෙම අවස්ථාවට එක්වෙනු ඇත. ධුරයට පත්වීමෙන් පසුව කිම්ගේ පළමු බහුපාර්ශ්විය ජාත්‍යන්තර හමුව බවට මෙය පත්වේ.
කිම් අඟහරුවාදා චීනයට පැමිණියේ ඔහුගේ අධි ආරක්ෂිත සන්නද්ධ දුම්රියෙන් වන අතර, එහි නවීම ආහාර පාන වලින් සමන්විත අවන්හලක්ද ඇතුළත් බව කියනු ලැබේ.
කිම් සඳුදා ප්යොංයැං නුවරින් පිටත්ව ගිය නමුත් දුම්රියේ දැඩි ආරක්ෂාව නිසා එය සෙමින් ගමන් කරයි.

