මෑතකදී අධි ආරක්ෂිත කලාප ලෙස නම්කළ ප්‍රදේශයන් තවදුරටත් පවත්වාගෙන යන්නේද නැත්ද යන්න පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් ගන්නා බව වැඩබලන රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ මෙම කලාප තුළ සාමාන්‍ය පරිදි කටයුතු කිරිමට ගැටලුවක් නොමැති නමුත් අනීතික ක්‍රියාවක් සිදු කළ නොහැකි බව ඔහු පැවැසීය.
මෙම අසීරු කාලයේදී ජනතාව ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඔහු සඳහන් කළේය. අද වන විට උද්ඝෝෂණ පවතින්නේ ගමේ නොවන බවත් කොළඹ සීමිත ප්‍ර දේශයක බවත් ඔහු සඳහන් කළේය.