අධිවේගී මාර්ගයන්හි ගාස්තු වැඩි කළේ කොළඹ පාරිභෝගික දර්ශකය පදනම් කරගෙන වුවත් කැබිනට් මණ්ඩලය අනුමත කලේ 25% ක ගාස්තු වැඩිවීමක් යැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි
"අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන වලින් අය කරන ගාස්තු මිල ගණන් 2011 වසරෙන් පස්සේ වැඩිවීමක් කළේ නැහැ. දැන් තියෙන තත්වය අනුව අධිවේගී මාර්ගය නඩත්තු කිරීමට ඉතා අපහසු තත්ත්වයක් තියෙන්නේ, ඊට හේතුව ඉන්ධන මිල හා අනෙකුත් වියදම් වැඩිවීම නිසා.
ඒ නිසා විටින් විට උත්සාහ ගත්තා මිල වැඩි වැඩි කරන්න, යම් යම් තත්වයන් මදි අපිට කරන්න බැරි වුණා. කොළඹ පාරිභෝගික දර්ශකය පදනම් කරගෙන අපි මිල වැඩි වීම් ගණනය කළා.2011 පස්සේ 66% ක මිල වැඩිවීමක් කරන්න ඕන.
කෙසේ වෙතත් අපි 50% ක මිල වැඩිවීමක් ඉල්ලලා කැබිනට් පත්‍රිකාවක් දැම්මා අමාත්‍යාංශය හරහා.මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයෙන් නඩත්තු කිරීම සඳහා වැඩිවීමක් ලබා දෙන ලෙස. නමුත් කැබිනට් මණ්ඩලය 25% දක්වා තමයි අනුමත කළේ."