අධිවේගයේ යතුරුපැදිය පැදවුවෙකු අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩම්ගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සාහ දැරීමේදී පසුපස හඹා ගිය අධිවේගී රථවාහන පොලිසියේ දොඩංගොඩ පිවිසුමේ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි ද, ඔහු මතුගම ප්රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙක් බවද පොලිසිය කියයි
යතුරුපැදිකරු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු වාහනයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබිණි
දොඩන්ගොඩ අධිවේගී රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දසනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් දොඩම්ගොඩ පොලිසිය වෙත භාරදුන් සැකකරු එහි ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සි ඒ එස් චම්මික ,රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පි කේ කාංචන ප්රියශාන්ත මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

