අධිවේගී මාර්ග පද්ධතියෙහි ගමන් ගන්නා වහනවලින් කාඩ්පත් මගින් මුදල් අය කර ගැනීම ආරම්භ කළ පෙරේදා (21දා) රු. 607,750.00 ක මුදලක් කාඩ්පත් මගින් ගෙවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම් අංශය) ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසීය.මාර්ග පද්ධතියෙහි ධාවනය වී අන්තර් හුවමාරු 35 ක ගේට්ටු 135 කින් පිටවූ වාහන 1852 කින් එකී මුදල හිමි වී ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගය ( කොට්ටාව සිට ගොඩගම දක්වා) පිහිටා තිබෙන අන්තර් හුවමාරුවලින් වාහන 600 ක් පිටවී රුපියල් 205,550.00 ක මුදලක්ද , දක්ෂිණ දිගුව ( පාලටුව සිට මත්තල දක්වා) පිහිටා තිබෙන අන්තර් හුවමාරුවලින් වාහන 96 ක් පිටවී රුපියල් 54,450.00 ක මුදලක්ද , කොළඹ පිටත වට රවුම් මාර්ගය (කොට්ටාව සිට කෙළවරපිටිය දක්වා) පිහිටා තිබෙන අන්තර් හුවමාරුවලින් වාහන 616 ක් පිටවී රුපියල් 169,900.00 ක මුදලක්ද ,කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පිහිටා තිබෙන අන්තර් හුවමාරුවලින් වාහන 498 ක් පිටවී රුපියල් 165,900.00 ක මුදලක් මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ පිහිටා තිබෙන අන්තර් හුවමාරු වලින් වාහන 42පිටවී රුපියල් 11,950.00 ක මුදලක ආදායමක්ද හිමි වී ඇත.
රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තියට අනුව යමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මූලික කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කළ බව අධ්යක්ෂවරයා කීය.කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේදී සිදුවන මාර්ග තදබදය අවම වී පහසුව හා කාලය ඉතිරි වීමෙන් කාර්යබහුල සැමටම මහත් අස්වැසිල්ලක් බව අධිවේගී මාර්ග පද්ධතිය භාවිත කළ පාරිභෝගිකයන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් පැවසූ බවත් එය හොඳ ප්‍රවණතාවක් බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.