පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ වාහන ධාවනය අවම වීමෙන් දෛනිකව ලැබෙන ආදායම මිලියන පහළොවක් -දහසයක් පමණ තෙක් අඩු වී ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග මෙහෙයුම් (නඩත්තු හා කළමනාකරණ) නිහාල් ලොඩිවික් මහතා පැවසීය.
එය ඉන්ධන අර්බුදයට පෙර පැවති ආදායමෙන් අඩක් පමණ ආසන්නව අඩු වී ඇතැයි අධ්යක්ෂවරයා කීය. දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කොළඹ කටුනායක මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ග පද්ධතියන්හි වාහන ධාවනය ඉන්ධන අර්බුදයට පෙර දිනකට 102000 දක්වා ධාවනය වුවත් මේ වන විට වාහන,55000 ත් 60,000 අතර ධාවනය වන බව සංඛ්‍යාලේඛන වලින් තහවුරු වී ඇතැයි අධ්‍යක්ෂක ලොඩිවික් මහතා කීය.
ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය සියයට 53 කි. ඉන්ධන අර්බුදයට පෙර අධිවේගී මාර්ග පද්ධතියෙන් දෛනිකව ලද ආදායම සාමාන්‍යයෙන් රුපියල් මිලියන 28ක් පමණ වූ බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.