අධිබලැති විදුලි ධාරාවක් නිසා ගෘහ උපකරණ විනාශයි
හාලිඇල මධ්‍යම පන්තික නිවාස යෝජනා ක්රමයේ නිවාස රැසක විදුලි උපකරණ රාශියක් ඊයේ (7) පස්වරුවේ හදිසියේ ගලා ආ අධිබලැති විදුලි ධාරිතාවකින් විනාශ වී ගිය බව ජනතාව පවසති.
මෙම නිවාස වල නිවැසියන් විදුලි උපකරණ ක්‍රියාත්මක කර භාවිතා කරමින් සිටියදී මෙසේ එක්වරම අධි බලැති විදුලි ධාරාවක් ගලාවිත් නිවාසවල විදුලි උපකරණ විනාශ වූ බවද එම නිවැසියන් සදහන් කළේය .
මෙහි නිවාස රැසක ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර, කැසට් යන්ත්‍ර, විදුලි පහන්, ඇතුලු වටිනා විදුලි උපකරණ රැසක් විනාශ වී ගිය බවත් ජනතාව කීහ .
මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් සිදු කල විමසීමකදී එහි ප්‍රකාශයකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බලා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවයි .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්
popular news
-
පාලිත දිසානායක Wednesday, 09 August 2023 06:47 PM
මීට අවුරුදු 4ට කලින් ගම්පහ ප්‍රදේශයේ කටුගස්තර ග්‍රාමයේ ද මෙවැනි අධිබලැති විදුලි ධාරාවක් නිසා ගෙවල් රාශියක විදුලි උපකරණ හානි වූ නමුත් මේ දක්වා කිසිදු වන්දි මුදලක් විදුලි බල මන්ඩලය ව්සින් ගෙවා නැත. ඕකටත් ඒටිකම තමා. වගකීමෙන් සදහන් කරමි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

