රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය වෙත හෙට දිනයේදී දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් විශාල සැදැහැවතුන් පිරිසක්හා ඊට සමගාමීව විශා රථවාහන හා යතුරුපැදි ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙසෙ පැමිණෙන සැදැහැවතුන්ට හා මහජනතාවට පීඩාවක් සිදුවන ආකාරයේ අධික ශබ්ද සහිත සයිලන්සර්, නලා සවිකරන ලද
යතුරු පැදි හා රථ වාහන, අධිබලැති එංජින් ධාරිතාවයකින් යුත් යතුරු පැදි අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර නගරය
කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ සඳහා විශේෂ රථවාහන කණ්ඩායම් අනුරාධපුර නගරය ආවරණය වන පරිදි යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.
එබැවින් අනුරාධපුර නගරයට පැමිණීමේදී මහ ජනතාවට පීඩාවක් සිදුවන ආකාරයේ රථවාහන හා යතුරු පැදි භාවිත නොකරන
ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.