උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියලුම දිය ඇලිවල ජල මට්ටම් ඉහල ගොස් ඉතාමත් සුන්දර දසුන් මවමින් කඩා හැලෙමින් පවතින අයුරු දක්නට ලැබේ.
ඩෙවෝන් දිය ඇල්ල, සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල, කඩියන්ලෙන දිය ඇල්ල, ලවර්සීලීප් දිය ඇල්ල ආදී උඩරට ප්‍රධාන දිය ඇලි සහ අනෙකුත් දිය ඇලිවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙනත් දිනවලට වඩා දිය ඇලි විවිධාකාර හැඩතල මවමින් කඩා හැලෙමින් පවතී.
මේ හේතුවෙන් උඩරට අති සංවේදී පරිසර පද්ධතියටද අපුරු සුන්දරත්වයක් එක්ව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
ශාන් හුලංනුගේ



