මේ දිනවල කන්ද උඩරට ප්රදේශවලට ඇඳහැළෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරී යාම හේතුවෙන් එහි වාන් දොරටු දෙකක් ඊයේ (17) රාත්රීයේ සිට විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර මහතා පැවසීය.
මේ දිනවල දඹුලු ඔය හරහා කලා වැවට තප්පරයකට ඝන අඩි දහසක ජල ප්රමාණයක් එකතු වන බවත් ජලාශයේ වාන් දොරටු විවෘත කොට තප්පරේට ඝන අඩි 1000 ක ප්රමාණයක් කලා ඔයට මුදා හැරිමට ඉංජිනේරුවරුන් පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.
මේ දිනවල කලා ඔය පහළ ජිවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් කන්ද උඩරට ප්රදේශවලට වැසිජලය පතිත වූ විට දඹුලු ඔය හරහා කලාවැවට වැඩි ජලය ප්රමාණයක් ලැබුණහොත් තවදුරටත් වාන් දොරටු විවෘත කිරිම වැඩිවන බවද හෙතෙම අවධාරණය කළේය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

