අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික මගී බස් රථයක රියදුරු අද 17 හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
හල්දුම්මුල්ල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව හල්දුම්මුල්ල නගරයේදී මෙම බස් රථයේ නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බැවින් හල්දුම්මුල්ල දිසාරෝහලට කැදවා රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාව අනුව තහවුරුකරගෙන තිබේ.
මගීන්ට සිදුවන අපහසුතා මගහැරවීමට බස් රථය වෙනත් රියදුරකු යොදවා කොළඹ බලා ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු යෙදූ බවද පොලිසිය පැවසීය.
බීමත්ව සිටි රියදුරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම බස් රථය බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබී ඇති අතර අධික වේගයෙන් මාර්ග නීති උල්ලංගනය කරමින් පැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව ලැබුණු නිර්ණාමික දුරකථන ඇමතුමක් අනුව බස් රථය නවතා පරීක්ෂා කිරීමට ලක් කර තිබුණු අතර එහිදී රියදුරු බීමත්ව සිට ඇති බවට අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර