අධිකරණ තීරණයෙන් පසු පාඨලිගේ කථාව
අද ලැබුණු අධිකරණ තීන්දුවත් සමඟ මීළඟට සිදුවන්නේ කුමක්ද හා ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ කුමක්දැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
"දින 48ක් මුළුල්ලේ මේ රටේ ජනතාව අයුක්තියට එරෙහිව යුක්තිය වෙනුවෙනුත්, ඒකාධිපතිවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය වෙනුවෙනුත්, ඒ වගේම අවනිතීයට එරෙහිව නීතිය වෙනුවෙනුත් ගෙනගිය අරගලයේ විශිෂ්ට ජයග්‍රහණයක් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඒකමතික තීරණයත් සමඟින් තහවුරු වුණා.
එනම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගනු ලැබූ තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කිරීම. එය මේ රටේ ජනතාව අමන්දානන්දයට පත්කරන තීරණයක්. ඒ වගේම අත්තනෝමතික ලෙස ක්‍රියා කළ ජනාධිපතිවරයා චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවත්, අයුතු ලෙස බලය පරිහරණය කළ බවත් උසාවිය විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකීය ජනතාවට ඔප්පු කළ අවස්ථාවක් හැටියට මෙය දකින්න පුළුවන්.
මේ මඟින් ඔප්පු උනේ මොකද්ද? මේ මගින් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය පක්ෂ පාට ජාති ආගමික බේදයකින් තොරව තවදුරටත් සහතික වුණා. ඒ වගේම මේ රටේ ව්‍යවස්ථාවේ තිබෙන උත්තරීතර භාවය අධිකරණයේ ස්වාධීනත්වය ඒ වගේම ඒ සඳහා යුක්තිසහගත ජනතාව අවිහිංසාවාදීව ගෙනගිය අරගලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථාපිත කරනු ලැබුවා. ඒ පිලිබඳ අපේ ප්‍රණාමය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබිය යුතුයි.
ඒ වගේම කතානායකතුම ප්රමුඛ පාර්ලිමේන්තුව තුළිනුත් මේ ප්රජාතන්ත්රවාදී අයිතිය මෙන්ම ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය ඉහළට ඔසවා තැබුවා. ඉතාමත් ජඩ ලෙස, අශිෂ්ඨ ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුව තමන් අතට නතුකර ගන්නට, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට අසික්කිත ලෙස බලපෑම් කිරීමට ඉදිරිපත් වෙච්ච ඒ ජඩ දේශපාලනය ඒ මැර දේශපාලනයට එරෙහිව මේ බලගතු තීන්දුවත් සමඟ අලුත් යුගයක් මේ රටේ උදාවන බව සහතිකයි යනුවෙන් ඔහු සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
