අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවත්වන්නේ නෑ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූ පිරිස්වලට අද රට පුරාම විරෝධතාවයක් ගොඩ නැගෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. අද(22) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මොන තරම් විවේඡන හෝ අවලාද එල්ල කළත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවත්වන්නේ නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රජය මේ රටේ දරුවන්ට අලුත් ලෝක නිර්මාණය කළ හැකි අධ්‍යාපනයක් ලබා දීමට කැපවී සිටින බවද මෙය අත්නොහරින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
වසර ගණනාවක් තිස්සේ මෙරට අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සිදු නොවූ අතර, ලෝකය සමඟ සටන් කළ හැකි, අලුත් දේ ඉගෙන ගැනීමට සහ ප්රායෝගිකත්වයට මුල් තැන දෙන අධ්‍යාපනයක් අවශ්‍ය බවද මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේය. ලෝකයේ දැනුම වේගයෙන් දියුණු වන බවත් කටපාඩම් කිරීම වෙනුවට නව දැනුම සොයා යන දරුවෙක් නිර්මාණය කළ යුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා සහතික පත්වලට එහා ගිය ප්රායෝගිකත්වයට මුල් තැන දෙන අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බව සඳහන් කළේය.
අධ්‍යාපනය තුළින් ලෝකය සමග තරඟ කළ හැකි දරුවෙක් නිර්මාණය කළ යුතු බවද, ඒ වෙනුවෙන් මෙම ප්‍රතිසංස්කරණ ගොඩ නගා ඇතැයිද කීය. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැරණි විෂය මාලාවෙන් වෙනස් වන තැන් කිහිපයක් ඇති බවත්, 9 වසර අවසානයේදී දැනුම සහ කුසලාතා තක්සේරුකරන විභාගයක් පැවැත්වීම ඉන් එකක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අගමැතිතුමියට පුළුවන්තරම් අපහාස සිදු කරමින් රට තුළ වැරදි මතයක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගත් බවද, එම පිරිස්වලට එරෙහිව අද රට පුරා විරෝධතා ගොඩනැගෙමින් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ආණ්ඩුව බලයට පත් වී ලබාදෙන දෙවැනි වැටුප් වැඩිවීම ලබා දී ඇති බවත්, ඉතිහාසයේ විශාලම වැටුප් වැඩිවීම මෙය බවද අමාත්‍යවරයා කිය. මේ දිනවල ගුරුවරු වැටුප් ගන්නවා. ඒ වගේම ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට තමන්ගේ ජනවාරි මාසයේ වැටුප ලැබෙනවා. ගුරුවරුන්ට රුපියල් 3,000 සිට 15,000 දක්වා වැටුප් වැඩිවීමක් සිදු කර තිබෙනවා. හැම රාජ්‍ය සේවකයකෙුටම ඉතා විශාල වැටුප් වැඩිවීමක් තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කුළුණු 05න් එකක් තමයි මානව සම්පත් සංවර්ධනය. ඒ වෙනුවෙන් රජය කටයුතු කරනවා. අධ්‍යාපන සභාව පිහුටුවීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැටුප් විෂමතා විසඳීමේ පියවර ඉදිරියට ගෙනයන බවද පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

