අධ්‍යාපන අමාත්‍යාංශය රු.බි. 2.4ක මුදල නිදහස් කරයි
පාසල් පෝෂණ වැඩසටහනේ ආහාර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ සියලුම හිඟ මුදල් ගෙවා දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ 2022 නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලට අදාළ ව පළාත් මට්ටමින් ආහාර සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ව තිබූ මුළු මුදල රුපියල් බිලියන 2.4ක් බවද අමාත්‍යාංශය පවසයි.
මේ අනුව
1. බස්නාහිර පළාත - 399,418,020.00
2. මධ්‍යම පළාත - 269,900,000.00
3. නැගෙනහිර පළාත - 350,000,000.00
4. උතුරු මැද පළාත - 256,000,000.00
5. වයඹ පළාත - 221,000,000.00
6. උතුරු පළාත - 164,050,718.00
7. සබරගමුව පළාත - 182,993,773.00
8. දකුණු පළාත - 335,356,317.00
9. ඌව පළාත - 225,470,000.00
යන මේ සියලු පළාත්වලට අදාළ ගෙවීමට ඇති මුදල් 2023.01.31 දින වන විට පළාත් ගිණුම්වලට බැර කර ඇති බවත් ආහාර සැපයුම්කරුවන්ට කලාප අධ්‍යාපන කාර්යාල හරහා ගෙවීම් මේ වනවිටත් සිදු වෙමින් පවතින බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

