අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ ඊයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂාවක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2023.02.23 දින අධ්‍යාපන අමාත්‍යාංශයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ සිව්වන මහලේ රැස් වී සිටි ගුරුමාරු මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ ව අද දින (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමන් හා අධ්‍යාපන ලේකම් විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී සාකච්ඡාවක් පවත්වන ලදි. එහි දී වෘත්තීය සමිති මගින් කරන ලද ඉල්ලීම මත හෙහ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
ඒ අනුව මාර්තු මස පළමු වෙනි දින වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.