2022 (2023) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රු. 1,450.00 සිට රු. 2,000.00ක් දක්වා වැඩි කර ගෙවන ලද අවම සංහෘත දීමනාව 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා ද ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් මගින් පවසයි.
එසේම ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන ප්‍රධාන පාලක පරීක්ෂකවරුන්, සම පාලක පරීක්ෂකවරුන්, ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන් සඳහා සමස්ත කාර්ය වෙනුවෙන් 2022 (2023) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් සඳහා සංශෝධනය කර ගෙවන ලද දීමනාවන් 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් කාර්යයන් සඳහා ගෙවීමට ද අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව, 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් කාර්ය මණ්ඩල සඳහා ඉහත සඳහන් සංශෝධිත දීමනාවන් ගෙවීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇත.