බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී පසුගිය 24දා ගුරු විදුහල්පති විරෝධතාවක් සිදුකරනවිට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිය කණස්සල්ල පළ කරන බව අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගුරු විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්රවල විෂමතා හා ගැටළු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා සිය කණගාටුව පළ කර සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.