අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය සදහා ඉකුත් වර්ෂයේ දි (2024) වෙන්කරණු ලැබු ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් ප්‍රතිපාදන වලින් කෝටි 3517කට වඩා වැඩි මුදල් ප්‍රතිපාදන (35,171,226,162) ඉතිරිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ඒ අනුව ප්‍රාග්ධන වියදම් සදහා වෙන්කළ ප්රතිපාදනයෙන් සියයට 32ක් එනම් රුපියල් එක්දහස් හයසියතිස්අටකෝටි හැටනමලක්ෂ දෙදහස්තුන්සිය හතලිස් පහක මුදල් (16,386,902,345) ප්‍රතිපාදන ඉතිරිවි තිබුණි.
පුනරාවර්තන වියදම් සදහා වෙන්කළ ප්රතිපාදනයෙන් සියයට 15ක් එනම් රුපියල් එක්දහස් අටසිය හැත්තැඅටකෝටි, හතලිස්තුන්ලක්ෂ,විසිතුන්දහස්,අටසියදාහතක මුදල් (18,784,323,817) ප්‍රතිපාදන ඉතිරි වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම නිසි පුරෝකථනයකින් හා කිසිදු තාර්කික පදනමකින් තොරව ඇස්තමේන්තු පිළියෙළ කොට මුදල් ප්‍රතිපාදන ලබාගැනිම හේතුවෙන් අමාත්‍යංශයේ වැය විෂයයන් 36ක රුපියල් තුන්සිය හැත්තැහතරකෝටි, දහතුන්ලක්ෂ අනුනමදහස්,දෙසියතිස්අටක (3,741,399,238) මුළු ශුද්ධ ප්රතිපාදනයම ඉකුත් වර්ෂය තුල (2024) ඉතිරිවි තිබුණි. ඉන් විෂයයන් 32ක් ප්‍රාග්ධන වැය විෂයයන් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
චන්දන සමරවික්‍රම