අඛණ්ඩ විදුලි සැපයුමක් අද (22) සිට ලබා දීමට හැකියාව ඇතැයි ජාතික පද්ධති ක්රියාකරු(පෞද්ගලික) සමාගම(NSO) නිවේදනය කරයි.
ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්රය අද සවස 1.31 සිට මෙගාවොට් 270ක පූර්ණ ජනන ධාරිතාවට ළඟාවීමත් සමඟ, අද දින සිට විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාවක් නොමැති බව එම සමාගම සඳහන් කර ඇත.
2026 ඔක්තෝබර් 19 සිට 21 දක්වා විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්රියාමාර්ග ක්රියාත්මක කළ කාලය තුළ පාරිභෝගික ජනතාව දැක්වූ සහයෝගය වෙනුවෙන් ජාතික පද්ධති ක්රියාකාරු (පෞද්ගලික) සමාගම සිය ස්තුතිය පළ ඇති අතර එම කාලය තුළ සිදු වූ අපහසුතාව පිළිබඳ කණගාටුව ප්රකාශ කරයි.