සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද (10දා) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්තවයේ වැඩිවීමක් හා දිවයින හාරහා සහා දිවයින් වටා මුහුදු ප්‍ර දේශවල විටින් විට හමන තද සුළ බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කරන ඉදිර නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව පවසයි .
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
එසේම උතුරු පළාතෙත් අනුරාධපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවි හැකි බවත් බදුල්ල, අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවල සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍ර දේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.