අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ, ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගොලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම පද්ධතියේ වර්ධනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන අතර මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබදව මහජනතාව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.