පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (20දා) දින සිට ඉදිරි දිනවල සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම පසුගිය දිනවල දිස්ත්‍රික්ක 12කට ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 3,200කට අයත් පුද්ගලයන් 10,958ක් පීඩාවට පත්ව සිටින අතර, එම පිරිසෙන් පවුල් 849කට අයත් පුද්ගලයන් 2,796ක් ආරක්ෂික ස්ථාන 32ක රඳවා සිටින බවද ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය පවසයි.