අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ කටයුතු හේතුවෙන් අද දිනයේ සිට කොළඹ සිට යාපනය හා වව්නියාව දක්වා ගමන් ගන්නා දුම්රිය ගමන් අනුරාධපුරයට පමණක් ධාවනය කෙරෙයි.
ඒ අනුව මාස පහක කාලයක් සඳහා මෙසේ මෙම දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇත. ඉන්දීය ණය යෝජනා ක්රමයක් යටතේ ඉන්දීය ඉර්ක්රොන් සමාගම විසින් මෙම නවීකරණය කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.
කොළඹ සිට යාපනය හා වව්නියාව දක්වා ගමන් ගන්නා මගින්ට අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කරවීමටත් ඉන් අනතුරුව බස් රථ යොදා ඔවුන් යාපනය හා වව්නියාව දක්වා ප්රවාහනය කිරීමටත් සැලසුම් කර තිබේ.