අද (ජූනි මස 02) සවස් කාලයේ සිට දිවයියේ නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට
වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.